දිය ඇල්ල
- 2019-03-01 15:00:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඈත පෙනෙන කඳු මුදුනින් පැන එන්නා
හෙමිහිට තාලයට කදිමට බැස යන්නා
ගල්පර අතර දිලිහෙන ඒ රැව අගනා
මනමාලිගේ කිරි සුදු සේලය වැන්නා
ගල් පර අතරින් ඉදිරියට යන්නා
මුළු වනයටම නව එළි දෙන්නා
මිනිස් නෙතත් පුදුම කරන්නා
සොබා දහම මැවු අසිරිය වන්නා
උඩරට කඳුකර සුන්දර කරනා
දිය ඇලි වැටෙනා කඳු වැටි අගනා
පිටරුටියන් පවා නෙත් මන්මත් කරනා
මේ සුන්දර දිය ඇලි රට මැද දිලෙනා
ප්‍රියභාණි එරන්දති වීරතුංග
7 ශ්‍රේණිය,
ර/ක/දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය, බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments