පාසල් පුස්තකාලය
- 2019-08-22 12:40:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙනුම් දැනුම තොරතුරැ සපයන අතර
ගුණදම් වැඩුම ගැන උපදෙස් දෙන නිතර
දස්කම් දිනුම සඳහා සලසන සතර
විස්කම් මැවුම පාසල් පොත් ගුල පතර
පතපොත ඇල්ම වඩවන කියැවුම් රැචිය
සිප්සත හදාරන අපහට දෙන දිරිය
විදු කෙත නව දැනුම මනසට වන පිරිය
නෙත සිත පිනන දසුනකි පොත් ගුල සිරිය
සරසන දිවිය බුදු දහමින් මනා වට
කියවන දනා පත්වෙති පිරිපුන් බවට
පත්වන සිසුන් මතු දින පඬුවන් බවට
සුපසන අපේ පොත් ගුල පසසමු යසට
පාසල් පුස්තකාලය හදවත සදිසි
සුවිසල් මෙහෙවරක් සිසු දන වෙත වෙසෙසි
සැම කල් ඉටුකරති මැනවින් වැඩ සැලසි
දිගු කල් සැරද, පාසල් පොත් ගුල සුනිසි
ප්‍රමිතා උපශාමා සෙට්ටිනායක
7 වැනි ශ්‍රේණිය,
රාජසිංහ මහ විදුහල,
ඉඹුල්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments