පැසුණු ගොයම
- 2019-02-22 15:49:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන්වන් පාටින් කරල් පැසීලා ගමේ තිබෙන සරැ වෙල්යායේ
මුළු ගම්මානය එළිය කරයි මඩ මතු පිට සැදි වෙල්යායේ
රංචු රංචු ගිරවුන් එනවා මෙහි ඇති වී කන්නට වෙල්යායේ
ගම්මානය සාර කරයි පැසුණු ගොයම වෙල්යායේ
මඳ මඳ සීතල සුළං හමන්නේ
ගොයමයි සෙලවී සිනා සලන්නේ
ඒ දෙස අප සැම බලා සිටින්නේ
අපටයි එහි ඇති අසිරි පෙනෙන්නේ
බැලු බැලු තැන ඇත්තේ පැසුනු ගොයමයි
රන්වන් පාටින් දි ලෙනා රන්වන් ගොයමයි
වෙල මැද සිටිනා මහ ලොකු පඹයයි
ගොවි මහතාගේ ලස්සන රන්වන් ගොයමයි
හුළංකන්දේ සුජාත හිමි
මාර/ තුසිත පිරිවෙන් ආයතනය,
ඌරැබොක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments