පිටරට සිටින මගේ අම්මා විඳිදුක
- 2020-01-06 08:57:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලිපියක් ලියන්නට සිතුවෙමි අම්මාට
කොළයක් සහ ගත්තෙමි පෑනක් අතට
මොනවා ලියන්නද කියලා සිතන විට
මැවිලා පෙනේ ඔබෙ රෑපය අම්මෙ මට
මහ සයුරේ දිය කිසිදා සිඳේවිද
ගිරිහෙල් මුදුනෙ මානෙල් මල් පිපේවිද
සුළි සුළඟින් මහමෙර වුව සෙලවේද
කෙතරම් දුර සිටියත් මා සිහිවේද
කාලය ගත වී යන හැම තත්පරයකම
සිහිවෙනවා මුහුණ අම්මාගෙ හැමදාම
නැගඑන කඳුළු දෑතින් පිස දමමි මම
දෙවි පිහිටයි! නිරතුරැ ලැබේවා සැනසුම
මිහිරි රස බොජුන් තිබුණත් බැහැ කන්න
කොපමණ බීම තිබුණත් මට බැහැ බොන්න
බැහැ ඉවසන්න අම්මා නිතර සිහිවෙනවා මෙමට
අවසන් කරන්නට අවසර මට දෙන්න
තුෂාරිකා මධුවන්ති
9 ශ්‍රේණිය,
කු/යටිවල ශ්‍රී ගුණානන්ද විද්‍යාලය, යටිවල
Reply To:
Name - Reply Comment
0 Comments