බෝ දුර ගොස්ය නුඹ
- 2019-03-12 17:17:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කුඩා කලසිට
ගසට පොත්තක් වගේ
නුඹත් සමගින් නිතර
දුව පැනපු කාලයක්
තිබුණු බව මතකයි
දෑස් යුග පියාගෙන
ඔට්ටු අල්ලා නිතර
හොරෙන් නුඹ දෙස බලා
හැංගි මුත්තන් කරපු
කාලයක් තිබුණු බව මතකයි
ගං ඉවුර වෙත විටෙක
දුවනකොට මං හනික
පය පැකිළී හැපුණු විට
මා හඩන තුරාවට
නුඹත් ඉකිගැසූ බව මතකයි
නිවාඩු ලැබුණු විට
මිතුරැකම අවදි කර
සිනාසෙන්නට නිතර
මා පැමිණි විට හනික
බෝ දුර ගොස් ය නුඹ
නෙත් කෙවෙණි තෙත් කර
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments