මගෙ බුදු අප්පච්චි
- 2019-07-12 10:19:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුසගිනි දැනී අප හොඳටම අඬන විට
ඔබෙ හදවත දැවී අළු වී යන්න ඇති
කරගැට එනතුරා වැඩ කර පතල තුළ
ඒ වේදනා අප වෙත සඟවන්න ඇති
නිවසින් පිටවෙලා ඔබ ගත කළ හැම රුයම
හිතේ ගින්දරින් ඔබ දුක්වෙන්න ඇති
අපේ සතුට ගැන සිතමින් සිටි ඔබට
ඔබගේ සතුට සදහට නැතිවෙන්න ඇති
සිනාසෙන්න කියලා දෙන විටදි ඔබ
දුටුවා නෙතඟ අග තිබු ඒ කඳුළු බිඳ
ඔබගේ ළඟ සෙනෙහස විඳසිටින විට
දැනුණා ඔබේ හදවත ඇති දුක් ගින්න
නැවත නැවත ඉපදෙන මේ සසර තුළ
යළි හමුවෙන්න ඔබ මාගේ පියා ලෙස
මේ පිය සෙනෙහෙ එලෙස ම යළි මට දෙන්න
හැකි වේවා ඔබට මගෙ බුදු අප්පචිචි
ටනුරි ලෙහානා පෙරේරා
8 ශ්‍රේණිය,
ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය,
මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments