මගෙ සිරිලක් මෑණි
- 2017-10-06 18:04:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල් දියදහර පිරි මහ සාගරය මැද
සුන්දර කුඩා දෙව් විමනක සිරි නිබඳ
ලැබදෙන දිදුල නිල්මිණි වන් මහීරද
මගෙ ලක් භූමියයි ඒ දෙස බල සබඳ
දියවැල් බඳින ගංගා ඇළදොළ වැව් ද
නුබ ගැබ සිඹින මහමෙර වන් කඳු වැටි ද
මිණිමුතු නිදන් කළ මහ සත් සමුදුර ද
මගෙ සිරි ලක්මවගෙ මිණි කිරැළයි නිබඳ
මවුබිම රුකුම වෙනුවෙන් හෙළ දූ දරැවන්
දිවිදුන් උතුම් පින්බිම ලෙස පර සිඳුවන්
පෙරදිග මුතු ඇටය මෙන් ලොව බැබළීමෙන්
දිදුලන ලක්මෑණි වෙත කරනෙමි අභිමන්
ජනනි චාතුර්යා
9 ශ්‍රේණිය,
ර/ කලවාන ජාතික පාසල, කලවාන.
Reply To:
Name - Reply Comment
0 Comments