මගේ අවුරැදු පැතුම
- 2018-04-27 21:54:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමයේ පහන් හැම නිවසෙම දැල්වේවා
කොවුල් ගීත හඬ දසතම පැතිරේවා
තල් පොල් අතර එරබදු මල් පිබිදේවා
වෙනසක් නැතිව කාටත් කිරි ඉතිරේවා
සූර්ය උදාවට නැග එන අරැණැල්ල
පලවා හරිනු ඇත ගනඳුර කර මෙල්ල
එකතුව එක සිතින් සිටියොත් හැම ගොල්ල
පසුපස වැටෙනු ඇත සාමයෙ සෙවණැල්ල
රටටම එක ලෙසින් එළැඹෙන සුබ නැකතේ
හැම නිවසකම රස කිරිබත් ඉදෙනු ඇතේ
ගෙන් ගෙට බෙදෙනු ඇත ඒවා අතින් අතේ
සාමයෙ පරවියන් පියඹනු ඇත දසතේ
සාමය, සතුට කිරි ඉතිරෙන වෙලාවේ
කරදර එක්ක දුක යටපත් වුණාවේ
හැමදා මගෙ රුඳෙනුව මැන සිනාවේ
එය මගෙ පැතුම නව අවුරැදු උදාවේ
ප්‍රතිභා සම්මානි ගුණසේකර
10 වැනි ශ්‍රේණිය,
බප/මතු හොරවල නවෝද්‍යා මහ විදුහල,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments