මගේ කිරි අම්මා
- 2019-10-01 09:03:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ කිරි අම්මගේ කරැණාව
පරදයි ඇයගේ සිරියාව
ගුරැවරියක් විය රුකියාව
ඒකයි ඇයගේ හැකියාව
දත් නැති කට ඇය පෙන්වාලා
කියන කතා ඇය රසකරලා
අසන්නේ මම අද රස විඳලා
ඇගේ උණුසුමට තුරැලු වෙලා
කිරි අම්මාගේ නම මැණිකේ මුතු
මගේ තාත්තා විය ඇගේ පුතු
මම වෙමි ඇයගේ පුතුගේ පුතු
අප සෙනෙහස ඇය ලැබිය යුතු
කෙස් ටික ඇගේ සුදු පුලුන් වගෙයි
හැරමිටියට ඇය වාරැව දෙයි
දුබල ගතට ඇගේ සිත දිරි දෙයි
සැමවිට ඇය එඩිතරව සිටියි
ටී.එම්.ජනුදි සිහන්සා තෙන්නකෝන්
6 වැනි ශ්‍රේණිය
දේවී බාලිකා විදුහල
කොළඹ
Reply To:
Name - Reply Comment
0 Comments