මගේ ගම
- 2019-10-01 09:46:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුර සෙබළුන් මෙන් නැගී සිටින ගස් යායක් අතරින් එළිය වුණු
මීදුම් සළු පටලින්ඇද බැඳගත් ගම විය එය මම උපත ලැබූ
දසත හමා යන සීතල සුළඟින් ගතෙහි ඩා බිඳු වෙහෙස නිවූ
සුළඟෙ ලෙළදෙන වී කරල්වල මිහිරි නද මගෙ සවන් පිනූ
වැවේ ඇති නෙළුමන් දෑස හැර සුවඳ දස අත පතුරැවයි
ඒ සුවඳ ළඟ මී මැසි පෙළක් රඟ දී රොන් උරයි
වැව වසා ඇති කෙටල යාය තුළ මහා ඝෝෂා හඬ ඇසෙයි
කොරවක්කෙක් ඉන් පිටතට විත් වැව් ඉවුර මත හිඳ ගී ගයයි
ඈත අහසේ මුදුන් වී තිබු හිරැ කෙමෙන් දැන් ගිලන් වෙයි
උදයෙ පිපි තිබු නෙළුම් මල් දැන් කඳුළු සලමින් පරව යයි
ටිකෙන් ටික හවස් වෙයි ගොනුන් රළ ගාලට ඇදෙයි
කුමුදු සේපාලිකා පිපෙයි මගේ ගම දැන් සුවඳ වෙයි
සන්දීප පියුමාල්
11 ශ්‍රේණිය,
මප/මහ/කටු/පේමරතන මහා විද්‍යාලය,
කුළුගම්මන.
Reply To:
Name - Reply Comment
0 Comments