මගේ විදු මවුනි
- 2020-04-10 13:39:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුණ නැණ බෙදා සිප් සත තෙළි තුඩින් පිස
ගල්වා පැහැය එය යස සිතුමවක් ලෙස
විරු දරු කැළක් බිහි කරනට වී වෙහෙස
දහඩිය වගුරුවා කැපකර තම දවස
සොමි ගුණ බෙදා විදු ලොව සිප් ගුණ සකල
පිරිසිඳ ලබා දුන්නයි නොවෙමින් පැකිල
සුමඟට යොමා ජයමඟ දිවියෙහි අතුල
වඳනෙමි දෙපා මුදුනෙහි තබමින් නළල
වැටුණත් නැගිටින්න අත දුන් හිතාදර
තරණය කරන්නට දිරිදුන් නිලාඹර
දිවිමඟ ජයට නිසිමඟ පෑ සදාදර
සමුදෙනු කෙලෙස විදු මවුනි දයාබර
බිනුජි සත්‍යජී ද සිල්වා,
13 ශ්‍රේණිය,
කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය,
මත්තුමගල,
රාගම.
Reply To:
Name - Reply Comment
0 Comments