මගේ සිතට ඉතා සතුටුයි
- 2019-07-31 13:57:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මදකට නිසසල වු සිත ඇය දුටු සැටියේ
පිය නැගුවා මල් ලොවක සරා
කිරි දෑඟිලි මවු උණුසුම හරහා
පහසින් සැනසී සැතපුවා
රෝස පිහාටු මෙන් මුව ඇයගේ
මවුගේ උකුළේ නැළවූවා
අඟර දඟර පා හුරතල් බැල්මෙන්
මා දෙස බලලා හිනැහෙනවා
නෙත්දෙක පා යුග දෑත් සියල්ල ම
මවගේ දෑඟිලි තද කර අල්ලා
කිරි සුදු පාටින් දිදුලන නංගී
මුළු නිවස ම සතුටින් නැහැවූවා
සමාධි සත්සරණි
7 ශ්‍රේණිය,
මො/මාලිගාතැන්න මහා විද්‍යාලය,
බඩල්කුඹුර.
Reply To:
Name - Reply Comment
0 Comments