මවු සෙනෙහස අහිමි බිලිඳිය
- 2019-12-20 10:11:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුරඟනන් හා එක්ව හිනැහෙන
පුංචි සුරතල් දියණියේ
කුරිරැ ලොවකට ගොදුරැ කරමින්
නුඹව හැර යන්නට වුණේ
මෙවන් ලොවට නුඹව කැඳවූ
පාපයයි මට අත්වුණේ
සුරලොවේ සැප අතැරවිත් නුඹ
තනිවුණා මෙහි කුමරියේ
නොසිතු මොහොතක නොසිතු විලසින්
නුඹව හැර යන්නට වුණේ
නුඹේ සුරතල් එකදු වදනක්
කිමද සවනත නොවැකුණේ
ආත්තම්මා සමග අම්මත්
මෙසේ අද නුඹ හැර ගොසින්
හයක් හතරක් නෙතේරෙන නුඹ
සමාවක් දෙනවද ඉතින්
හොඳ නරක ලොව හොඳ ම පමණක්
රුගෙන නුඹ දිවි සරැ කරන්
කඳුළු අතරින් සිනහ වෙනු මැන
දිනෙක මගෙ සුදු රත්තරන්
පායනා තුරැ රන් ඉරක් මුළු
ලොවම සැනහෙන සාමයෙන්
උදාවන තුරැ එවන් දිනයක්
දුවේ ඉවසාගෙන සිටින්
සඳිලි දිල්සරා අලහකෝන්
12 ශ්‍රේණිය,
මහාමායා බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments