මහ සෑ බඳිනට මුල් ගල තැබුවෙමි
- 2018-05-17 14:27:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&මහ සෑ* පොත කියවන්නට සිතුණා
පොත ගෙන සුව සේ ඇඳේ වැතිරැණා
රහතුන් දෙවියන් මනසේ මැවුණා
මටත් හොරෙන් මගෙ දෑස පියවුණා
අහසින් සුදු මල් වැස්සක් වැස්සා
දෙවියන් සක් හොරණෑ ගෙන පිම්බා
රහතුන්ගෙන් මේ පින්බිම පිරැණා
මුල් ගල තැබුමට මමත් ළං වුණා
රන් මල් පලසක් එලුවා වැන්නේ
රහතුන්ගෙන් සෑ මලුව පිරෙන්නේ
සාදු නදයි රුව් පිළිරුව් දෙන්නේ
මහ සෑ මුල් ගල මමයි තියන්නේ
සක් දෙවිඳුන් මෙන් නිරිඳුන් හිටියා
දෙවියන් මිනිසුන් රුස් වී උන්නා
සතුටින් මගෙ හිත කරණම් ගැහුවා
නින්දෙම දෑසින් කඳුලක් වැටුණා
මෙත්මි පූර්නිමා රත්නායක
8 වැනි ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments