මා ආදර පියාණනේ
- 2018-10-22 13:08:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා ඉදුණු දා පටන් ම දුකමයි ඔබ වින්දේ
දුක් දොම්නස් පිරැණ සයුර නැහැ කිසිවිට තැකුවේ
මුව හසරුලි නංවා ගෙන මාව නිතර සැනසුවේ
ඔබෙ ගුණ ගී ගයන්න අවසර ද පියාණනේ
ශිල්ප ලබා දෙන්නයි ඔබ සැමදා දුක් වින්දේ
හොඳින් ඉගෙන ගන්න කියා උපදෙස් දුන්නේ
රටට බරක් නොවී ඉන්න කියලා දුන්නේ
මා පසුපස සැමදා සෙවණැල්ලක් වී උන්නේ
ඔබ නැති ලොව ඉරත් හඳත් නැතුවා වාගේ
කොහෙ සිටියත් ඔබම තමයි සිහියට ආවේ
සසර පුරා මගෙම පියා වෙන්නයි පැතුවේ
බුදු වෙන්නට කියා පතමි මම මතු භවයේ
හිරැණි විහංගා සමරනායක
8 ශ්‍රේණිය,
සුජාති විද්‍යාලය, නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments