මා දුටු ශ්‍රී පාදය
- 2020-01-31 09:52:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව් පුබුදු කරමින් හිරැ නැගී සිටිනවා
සිරි සමනොළ කන්ද පුරා එළිය වැටෙනවා
ගත ම සිසිල් කරමින් මද සුළං හමනවා
සමනලයන් සමනල කඳු මුදුනට යනවා
සිව් මහ ගංගා තාලෙට ගලා බසිනවා
සිනිඳු වලා සමනල කඳු මුදුන සිඹිනවා
කඳු මුදුනේ දොළොස් මහේ පහන පෙනෙනවා
ඝණ්ටාරය හඬ මැද්දෙන් සාදු කියනවා
සීත ගඟුලෙ සීත ජලය පාද දොවනවා
ගෙත්තම් පානේ ගෙත්තම යසට පෙනෙනවා
හැරමිටි පානට ඉහළින් හඳ බබළනවා
මහගිරි දඹ නගින විටදි දිරිය වැඩෙනවා
බුදු රදුන්ගෙ සිරි පතුලෙන් රුස් විහිදෙනවා
ඒ පින් බුදුරුස් මහිමෙන් ලොව පිබිදෙනවා
සිරි පතුලට සාදු සාදු කියා වඳිනවා
සිරි පතුලෙන් සිරි ලකට ම සෙතක් පතනවා
සඳමිණි නීතාංජලී පියරත්න
8 ශ්‍රේණිය,
උසස් බාලිකා විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments