මා හැර ගිය අම්මේ
- 2019-12-31 20:35:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මඳ සුළඟේ නුඹේ සුවඳ මට දැනුණා අම්මේ
සිහිනෙන් දිව ගෑ සුවඳකි අද එය මට අම්මේ
අතැඟිල්ලේ එල්ලී මා නුඹ තුරැලේ අම්මේ
පාසල් ගිය කාලය මට අද නැහැ මගෙ අම්මේ
ඔන්න බබෝ ඇතින්නියා නුඹ කී කවි අම්මේ
අදටත් සිහිනෙන් ඇසිලා මා පිබිදෙයි අම්මේ
නෙතඟ පුරා ගලන කඳුළු හරි උණුසුම් අම්මේ
ගිය ලෝකෙන් මා දිහාම බලා ඉන්න අම්මේ
මා නුඹගේ සුදු දෝණී අද තනියම අම්මේ
අකුරැ කරලා ලොකු ගමනක් මා යනවා අම්මේ
නුඹගේ සිහිනය මා එය ගොඩ නගනවා අම්මේ
නිවන් මගට විගසින් යමු අපි දෙන්නම අම්මේ
ගඟුලි අප්සරා
11 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය,
පිළියන්දල.
Reply To:
Name - Reply Comment
0 Comments