මෑණියනි ඔබ ගුණ...
- 2020-01-31 09:48:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තාත්තාත් අපත් මෙලොව තනි කරලා
ඇයි ගියේ මෑණියනි අප හැර දාලා
බැහැ වාවන්න යයි හදවත පුපුරාලා
අපි කටයුතු කරමු ඔබ හට සෙත් පතලා
කඳුළැලි ගඟක් අප හදවත් පලුදු කරන්
වෙන් වි ගියේ ඇයි අපමෙහි තනිකරමින්
පාළුව රජ කරමින් නිවසම අඳුරැ කරමින්
උපදින හැම භවයෙ එමු මෑණිය සොයමින්
කරැණා දයාවෙන් අප සැම දැඩි කරලා
දරැවන් සමග නිතරම සතුටින් ඉඳලා
ගියේ ඇයි මෑණියනි අපට මුවාවෙලා
හමුවෙමු යළිත් අපගේ මෑණියන් වෙලා
හසිනි ගයත්මා
10 ශ්‍රේණිය,
ර/බල/ කල්තොට රෝහණ විද්‍යාලය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments