මේ ගැනත් සිතන්න
- 2019-05-10 11:26:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිමිදිරි උදේ පාන්දර
හති වැටෙන මොහොතක
පාසල වෙත දුවන
මට කොහෙද වෙලාවක් සෙල්ලම් කරන්න
පාසල පවතින තුරාවට
ඉගෙනීම පසුපස හඹාගෙන
විනාඩි පහළොවක විවේකය
මදි මට සෙල්ලම් කරන්න
පාසල නිමා වූ විගස
කුසට අහරක් නොගෙන
ටියුෂන් පන්තිය නිසාවෙන
මට කොහෙද වෙලාවක් සෙල්ලම් කරන්න
හවස හය වනවිට
පීඩිතව ගෙදර එනවිට
පාසලේ දුන් වැඩටික
නිසා මට කොහෙද වෙලාවක් සෙල්ලම් කරන්න
පීඩිත වූ අප මනස
නිරවුල් කරන්නට මඳකට
අපි ගැන අනුකම්පා කොට
දෙන්න සෙල්ලම් කෙරැමට වෙලාවක් අපට
කවීෂා දිල්ෂාන්
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments