යෙහෙළියට
- 2018-12-06 22:35:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සවනට ගැටෙනා ගීයකි නුඹ මට
ගළපා ගන්නට බැරි කවියකි මට
නෙතඟින් වැගිරෙන කඳුළු නදිය නුඹ
තත්මත වැයෙනා වීණාවකි නුඹ
උතුම් කෙළෙහිගුණ හදවත තිබෙනා
ඒවා දිලිසෙන මිණිකැට ලෙසිනා
පිවිතුරැ හැඟුමන් මල් මෙන් පිපෙනා
ඒ මල් ඇත එක මිටකට වටිනා
පාසල් අවදියෙ අඳුර වැටුණ කල
ආලෝකය නම් නුඹමයි සැම කල
පාළුව මකනා තාලම්පට නුඹ
මගේ ම මිතුරිය සැමදාමත් නුඹ
සසරින් සසරට ආ මග හමු විය
නුඹ නම් අගනා මිණිකැටයක් විය
මිතුදම සැමදා ලියලන්නට විය
හදවත ලියැවුණ මිතුරිය නුඹ විය
ශෂිනි තමෝෂා
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments