රාජා ඇතු මමයි
- 2018-12-21 10:16:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෑයූ ඇසළ සඳ එළියෙන් ඔප වැටුණු
නානා විදුලි එළි සුන්දර සිරි මැවුණු
ගැට බෙර දවුල් තම්මැට්ටම් හඬ පිරැණු
එනවා ඇසළ පෙරහර නෙත සිති බැඳුණු
ඉස්සර ධාතු කරඬුව අරගෙන යනවා
බුදු බැතියෙන් මගේ හදවත පුරවනවා
පෙර සසරෙදිත් පින් කළ බව සිහිවෙනවා
සාදු සාදු මම හොඬවැල ඔසවනවා
ඉපදී සිටිමි දෙව් ලොව ඔද තෙද ඇතිව
දෙව් ලොව සැපට වැඩියෙන් මගෙ සිත පැතුව
යළි ඉපදෙන්ට පතනෙමි රාජා ඇතුව
වැඩමුව පිනින් උත්තම මුණි දළදාව
ප්‍රියංකා හිමාලි ධර්මසිරි
8 ශ්‍රේණිය,
ර/බල/ආනන්ද මෛත්‍රය මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments