රාත්‍රි අහස
- 2019-02-22 15:51:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සයුරට ගිලෙනා හිරැ මහ සිතිජය මැද්දේ
සඳ සාවිය රූ අහසේ අයිතිය ලද්දේ
තරැ පොකුරැත් ඒ අතරින් හෙමිහිට පැද්දේ
සැණකෙළියක් වැනි අහසට යන්නට සිත් දේ
හිරැ බැස ගිය මේ අහසට තනිකම නැද්දෝ
ඒ තනිකම මැකුවේ අර සඳ සාවිය දෝ
තරැ කැට ආකාසේ බබළන්නෙ කුමටදෝ
අපගේ සිත ප්‍රබෝධයෙන් පුරවන්නට දෝ
සිතට සැනසුමක් ලැබදෙන මොහොතක් වන්නේ
නෙතට විඩාවක් නොගෙනෙන දසුනක් වන්නේ
මුවට සිනාවක් හැඟෙනා අසිරිය දෙන්නේ
රාත්‍රියේ අහසේ පිපෙනා සඳ තරැනේ
චමුදි නීෂා හෙට්ටිආරච්චි
10 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.
Reply To:
Name - Reply Comment
0 Comments