ලස්සන උදෑසන
- 2019-10-01 10:16:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුකුළුහාමි උදෑසනින් අපව අවදි කරනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
සමනලයන් ඇවිදිල්ලා මල් පැණි බොනවා
පුංචි ළමෝ උදෑසනින් පාසල් යනවා
කන්ද උඩින් හිරැ කුමරා එබී බලනවා
නැවුම් සිසිල් සුළං කැරලි ගත පුබුදනවා
කුරැලු පැටවු කිචි බිචි ගා සිංදු කියනවා
උදෑසනකඅසිරිය දැන් මේ ඇරඹෙනවා
වැඩිහිටියෝ කඩිමුඩියේ වැඩට බහිනවා
තණකොළ මත පිනි මුතුකැට ලෙසින් දිලෙනවා
එහෙන් මෙහෙන් හමන සුළං ගත සනසනවා
කොක්කු රූන් හෙමින් හෙමින් පියඹා යනවා
දිල්ෂානි මදුරංගි විජේසිරි
8 ශ්‍රේණිය,
ර/නිවි/ දිමියාව මහා විද්‍යාලය, රත්නපුරය.
Reply To:
Name - Reply Comment
0 Comments