වැලක් නොව ගසක්ය
- 2019-11-22 11:58:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිහිකත සනසනා
මහිලාව ඇය වන්න
අහස් මාලක දිගේ
දිගන්තය වෙත දුවන
විටෙක අහස් ගැබ සිසාරා
කටු කොහොල් අතරින්
මාරැතයක වෙස් රුගෙන
හමා යයි චණ්ඩ ලෙස
පලා පැහැ දිස්වෙනා
ලතාවන් පොළොව සිප
ඒත් රැක් රාජයන්
නොවැටෙනා එඩිය ගෙන
තමා ළය පෙරටු කොට
අභියෝග ජය ගනී
අනුන් මත යැපෙනා
පරපුටුවකු නොවන්නට
වැලක් නොව ගසක් වී
ජීවිතය ජය ගන්න
දුලනි ඉසංකා
12 ශ්‍රේණිය,
ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය. ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments