වැස්සක් දා පරිසරය
- 2019-04-18 12:51:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුරැ වලාකුළු අහසට සෙමෙන් ඇදෙනවා
චට පට සද්දෙන් ගිගුරැම් හඬ රුව්දෙනවා
පුංචි පුංචි වැහි බිංදුත් කඩා හැලෙනවා
හිටි හැටියෙම මහ වැස්සක් බිමට වැටෙනවා
හනි හනිකට මිනිසුන් ටික ගෙදරට යනවා
කුරැල්ලනුත් කූඩු කරා පියඹා යනවා
කඩපිල් ඇතුළට මිනිසුන් හනිකට යනවා
ඒ අතරෙම තව සමහරැ කුඩ ඉහළනවා
විදුලි කොටා වැස්සත් දැන් දැන් වැඩි වෙනවා
ගංගා ඇළ දොළ පිරිලා උතුරා යනවා
කුඩා පැංචෝ ඔරැ සාදා වතුරේ යවනවා
හෙමින් හෙ මින් මහ වැස්සත් නැතිවී යනවා
කවීෂ තරැ කැලුම්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments