වැස්සක් ළඟ ළඟ එන්නේ
- 2019-09-17 15:59:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා සෙමින් සෙමින් සැඟවී යන්නේ
කළු කුමරියෝ පාවි පාවි වට වී ඉන්නේ
දේදුනු කුමරිත් ඇවිදින් රුඟුම් පාන්නේ
දඩං බඩං ඩෝං කියා අකුණු ගසන්නේ
ගස් කුමරියෝ සෙලවි සෙලවි රුඟුම් පාන්නේ
සුළඟ ඇවිත් ඒ රුඟුමට අඩව් ගසන්නේ
කුරැලුහාමි කඩිමුඩියේ කැදලි කරා පියඹ ා යන්නේ
ගෙඹිහාමි බක බක ගා ගීත ගයන්නේ
මුතු කැට මෙන් අතු පතරින් වැසි පොද එන්නේ
පුංචි ළමෝ කඩදාසියේ බෝට්ටු හදන්නේ
ගේ මිදුලේ දිය කඩිත්තේ පා කරලන්නේ
තවත් ලෝකයක් සොයලා යාත්‍රා කරන්නේ
උමාෂා නුවංගනී
11 ශ්‍රේණිය,
ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය, කෝට්ටේ.
Reply To:
Name - Reply Comment
0 Comments