වේය හදපු හුඹහ මේක
- 2019-01-18 11:15:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එකම බිමක මතු වී ගෙන
එකම තාලෙ පස් අරගෙන
රවුම් ගොතා උස් මිටිවට
හරි හරියට වැඩ කරනවනා
පිට තිබුණට ගොරෝසුවට
ඇතුළ සිනිඳු ලෙස හදනවා
නොපෙනෙන වැඩපළක් මෙතැන
ඉගෙන ගන්න දේ තියෙනවා
එකා පිටට එකා නැගී
කම්මැළිකම පෙනෙන්නෙ නෑ
වේයෝ හදපු හුඹහ මේක
හරි හයියයි කැඩෙන්නෙ නෑ
නයි පොළොඟුන් ගෙට ආවත්
ආපස්සට හැරෙන්නෙ නෑ
බිය නැති කම කඩිසර කම
සමගි බලය බිඳෙන්නෙ නෑ
ඉමේෂා ශ්‍රීමාලි ජයම්පති
7 ශ්‍රේණිය,
මො/බි/මුදියල කනිෂ්ඨ විද්‍යාලය,
බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments