සසරේ තනිවූ මෑණියනි
- 2020-07-03 09:30:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුනි ඔබෙ පා පියුම් වඳිනට
සසරේ කෙදිනක මුණ ගැසේවිද
නොමියෙනා මේ දිවි ගමන තුළ
නෙත ගැටෙන්නේ ඔබෙ රැවයි
ඔබේ දෙනෙතින් වැටුණු කඳුළැල්
සසල වූ ගංගාවක් ලෙසින්
ඔබ විඳි දුක් සෝදා දමන්නට
දිය ඇල්ලක් වි කඩා හැලෙයි
දහඩියෙන් වැගිරැණු ඔබේ ගත
සීත ජලයෙන් පොඟාලන්නට
ගිගුම් දී කම්පා වුණු අහසින්
දිය බිඳු පොළොවට ඇද දමයි
සන්දීප පියුමාල්
11 ශ්‍රේණිය,
මප/මහ/කටු/ පේමරතන මහා විද්‍යාලය,
කුළුගම්මන.
Reply To:
Name - Reply Comment
0 Comments