සැඳෑව
- 2018-01-02 11:02:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියොතුන් අලස වෙලා ගං මිටියාවත දසත පුරා
සියපත් නිහඬ වෙලා වැනි දිය මත නිදි සොවක් දරා
තුරැ හිස් පවන වෙලා පිපි වනමල් එක සැණින් මරා
ගම්බද සිරිය මෙලෙසයි ගම් පියස පුරා
යහපත් වියළි තලා විඩාබරව මිහි උකුළ බදා
කොවුලෙක් අවදිවෙලා සැඳැ පුවත කවි දැහැන බෙදා
මඳනල උමතුවෙලා හිස් ලූ ලූ අත ගැටෙයි සදා
හවස ම අමුතුවෙලා ගම්බද සිරිය නිසා
ගම්බද ටිකිරි ලියා හිනැහෙයි ගීත කියා
ඉවුරේ සොඳුරැ ශ්‍රියා මල්විය සොයයි දයා
සිරිදුව සැඳෑ ශ්‍රියා හැරයයි ළහිරැ පියා
හිරැ මළගමට ගියා විහඟුන් ඉගිළ ගියා
නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ ශුද්ධ වූ පවුලේ බාලිකා ම.වි, කිරිමැටියාගාර, කඩවත.
Reply To:
Name - Reply Comment
0 Comments