සිනමන් ග්‍රෑන්ඩ්
- 2019-08-22 12:44:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාලු මුවදොර පාළු තනිකම මුළු ප්‍රදේශෙම රජයමින්
සෝ සුසුම් අද හෙළා දුක්වෙයි රට වැසියෝ හැම වැලපෙමින්
සිනහ හඬ වියැකී ගොසින් අද සිංහ පිලිරෑ අඩවමින්
සතුට සමගින් වෙරළ මත සිටි අය ගොඩක් ආපහු ගිහින්
වසර ගණනක් එපිට ඉස්සර ඉඩම මැද ඉදිකළත් ඔබ
අරඹමින් වූ උත්සවේ තුළ සමහරැන් කළ රංගන
නටපු අය නැත වයපු අය නැත එදා මෙන් අද මෝදර
කටු කකා ලුණු හුළං සමගින් තනිකමේ අද එහි ඔබ
රස නහර ඉපිලී පිනාගිය බොජුන් සැම සිත් පුබුදමින්
සිංදු, වාදන සමග හැඳි ගැටී ශබ්ද රස හැම මුසුවෙමින්
අහර හා මල් එක්ව ගෙන ආ සුගන්ධය හැම සනහමින්
සොයා ගැනුමට නොහැක මා හට ඔවුන් අද කොහෙ හරි ගොසින්
ඈත රටකින් ආපු වෛරස් ඇති අයකු හැමදෙන මරා
ජීවිතේ පිනි බිංදු උපමා යළි යළිත් සිහියට ගෙනා
පාළු මුහුදේ පෙනී නොපෙනෙන නිහඬ ඉර රුස් දෙස බලා
සබඳ සිනමන්, අපිත් හිනැහෙමු කැඩුණු හිත් ටික ගොඩ නගා
පී.එල්.වෙනුරි රත්නසේකර
10 වැනි ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල,
කොළඹ 07.
Reply To:
Name - Reply Comment
0 Comments