සුන්දර අපේ ගම
- 2019-12-31 20:41:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳුවැටිවල මහ පවුරකි දසත පෙනෙන්නේ
උදෑසනට සුදු තිරයක් පවුර වසන්නේ
සිසිල් සුවය හැම හදවත් පහන් කරන්නේ
අපේ ගමේ සුන්දර තතු මෙලෙස කියන්නේ
කඳු වැටි මුදුනින් දිය ඇලි ගලා බසින්නේ
දසත ධවල පෙණ කැටියෙන් නැහැවී යන්නේ
සුදු සළුවක් කඳු මුදුනින් හෙළනා වැන්නේ
අපේ ගමේ මිහිරි තතුයි මෙලෙස කියන්නේ
හැන්දෑවට අවරදිගින් හිරැ බැස යන්නේ
අහස පුරා පාට පාට රටා මැවෙන්නේ
දිය ඇලි ගංගා අසිරිය අඩුවක් නැහැනේ
අපේ ගමේ අසිරි කියා නිමක් නොවන්නේ
තෙදාරා දහම්දි
7 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
කොළඹ 07.
Reply To:
Name - Reply Comment
0 Comments