සුන්දර රාත්‍රිය
- 2019-08-16 22:27:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෙමෙන් කෙමෙන් හිරැ අවරට බැස යනවා
කෙමෙන් කෙමෙන් අඳුරත් පෙරටම යනවා
අහස පුරා සඳකැන් නිති දිදුලනවා
විහඟ තුරැලතා නිසසල වී නැළවෙනවා
බෝ සමිඳුගේ බෝපත් සිලි නද කරවනවා
පුලුන් ගහේ මා වවුලන් විරිදු කියනවා
කණාමැදිරියන් සැම තැන එළිය කරනවා
සීත සුළං රූ අහසම මවිත කරනවා
ඒ මේ අත පෙනකැටි සුළඟේ පාවෙනවා
කුරැලු පැටවු සීතලේ මවු තුරුලට යනවා
තුරැලතා මතට පිනිකැට කඩා හැලෙනවා
පුංචි මල් කැකුළු හෙට දවසට සැරසෙනවා
සිතුම් මියුරංග
11 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments