සුළඟ
- 2019-10-06 16:13:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරයේ සැරිසරමින් ඔබට සිසිල සුවය ගෙනෙන
මා සිටිනා බව කියන්නෙ තුරැපත් තාලෙට සෙලවෙන
පරවුණු මල් බිම දමමින් අලංකාර රටා මවන
සුළඟ මමයි නොපෙනුණාට ඔබට ගතට සුවය බෙදන
දිය ඇල්ලේ දිය බිඳගෙ අවට මීදුමෙන් සරසන
කුරැලු ගීත මිහිරි නාද පරිසරයේ බෙදා හරින
නෙත් පිනවන සොඳුරැ දසුන් ඇති කරමින් විහිදී යන
සුළඟ මමයි පරිසරයට ආදරයෙන් සිසිල බෙදන
සරැංගලේ පා කරමින් පුංචි සිතට සතුට ගෙනෙන
කුරැල්ලන්ට ඉහළ අහසෙ පියාඹන්න උදවු කරන
ගොවි රාලගෙ හොඳ වී ටික බොල් වීයෙන් මුදා හරින
සුළඟ මමයි ඔබ සැමටම සතුට සුවය සිසිල බෙදන
සසිනි ගිමාෂා
9 ශ්‍රේණිය,
බප/පිළි/ වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments