සොඳුරු රැයක අසිරිය
- 2020-02-28 09:04:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් බැහැලා යනවා
එළිය මකා අඳුර කෙමෙන් කෙමෙන් වැටෙනවා
සඳ කුමරා හෙමින් හෙමින් එබී බලනවා
සොඳුරැ රුයක සිරි අසිරිය අපට පෙනෙනවා
සඳ වටකර තරැ කුමරියෝ බැබලී යනවා
සේපාලික කුමුදු කුසුම් සුවඳ හමනවා
බකමූණන් වවුල් පැටවු ඉගිළී යනවා
සොඳුරැ රුයක සිරි අසිරිය අපට පෙනෙනවා
පුංචි ළමෝ මවු තුරැලට වී නිදියනවා
මඳ සුළඟක් අප ගත සිත වෙළා ගන්නවා
බෝපත් සිලි සිලි හඬ දී සෙමින් වැටෙනවා
සොඳුරැ රුයක සිරි අසිරිය අපට පෙනෙනවා
බිහාරා තත්සරණි
6 ශ්‍රේණිය,
හ/ශ්‍රී ලංකා සිංගප්පූරැ මිත්‍රත්ව බාලිකා විද්‍යාලය,
වීරකැටිය.
Reply To:
Name - Reply Comment
0 Comments