හඳ මාමාට ලියුමක්
- 2019-07-08 12:03:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හඳ මාමා වෙතටයි මා ලියුමක් මේ එවන්නේ
හුඟ දවසක් ගෙවිල ගිහින් ඔබ ගැන තොරතුරැ නැහැනේ
හඳ මාමේ ඔබට කොහොමද කියලා කියනවද
මම නම් හොඳ කාලයක් ය ගත කරන්නේ දන්නවද
හැමදාකම ඔබ දකින්න මිදුලට මම එනවා
ඔබව දැකලා මගේ නංගි උඩ පැන පැන හිනැහෙනවා
මම දකිනවා හඳ මාමත් සිනාවෙමින් තුටු වෙනවා
අපිව බලන්නට සැමදා ඔබ අහසට පැමිණෙනවා
මා ඔබහට අපේ වගතුග මේ ලෙසින්ය පවසන්නේ
ඒ හින්දා ඔබගේ තොරතුරැත් අපට එවමින්නේ
ඔබ ගැන කිසිදා අපි දෙන්නා අහිතක් නොසිතන්නේ
තෙරැවන් සරණයි කියමින් මම ඔබගෙන් සමුගන්නේ
එච්. වී. ජේ. සෙව්වන්දි
9 ශ්‍රේණිය, බප/හෝ/ බෝපේ රාජසිංහ මහා විද්‍යාලය, පාදුක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments