හීන බිඳුණු මලක පැතුම
- 2019-12-20 09:54:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොකු වත්තක යහළුවන් ගොඩක් සමගින්
සිටියා මං ඒ කාලේ හරි සතුටින්
කාරයකින් ආ ලොකු නෝනා කෙනෙකුන්
මා මිලදී ගත්තා ඒ ලොකු කඩයෙන්
ගෙනිහින් හිටෙවුවා වත්තක මල් පිරැණු
කිසි දින දැක නැති මිතුරන් සුවඳින් පිරැණු
සිටියා ඒ අතරින් මිතුරන් මැරැණු
කඳුළැලි වැටේ මගේ දෑසින් දුක් පිරැණූ
පොඩි ළමයෙක් ආවා මිතුරන් ළඟට
කැඩුවා ගහෙන් මල් ටික පොඩි වට්ටියට
පූජා කළා මිතුරන් බුදු හිමියන්ට
බලා සිටිමි ඒ දෙස අසරණකමට
කිසි දින බෑ බුදු නෙත මට දකින්නට
හැම දින පතන්නෙමි හිමි හට පිදෙන්නට
මේ දුක නොහැක කිසි දින මට වාවන්ට
මම පොපි මලක් පින් පුරනා බුදු නෙතට
සුනාලි මහේෂා ජයසූරිය
9 ශ්‍රේණිය,
බප/හො/ මාපුටුගල මහා විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments