ළමා ලොව සුන්දරයි
- 2019-07-12 09:25:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා ලොව සුන්දරය
නෙක පිපෙන මල් වැනිය
සුවඳ දස අත විහිදමින
ලොවම ලස්සන කරයි හෙට දින
වෙරළු මල් බිම සැදුව
සුදු පලස මත නටන
ළමා කාලය තරම්
සොඳුරැ දෙයක් ලොව නොමැත
පාසල නිම වී නිවෙසට එන මග
යහළු යෙහෙළියන් සමග එක්ව
කරන කෙළි සෙල්ලම්
අමතක නොවේ කිසිදා
මල්වලින් පාට ගෙන
අප ඇඳි සිතුවම් පාට කරන්ට
අහසේ ඇඳි ලස්සන සිතුවම්
මොනවාදැයි සොයාගන්න
පරිසරයේ සුව විඳින
ළමා ලොව සුන්දරය.
පුන්සර විතාරම
8 ශ්‍රේණිය,
ර/ශාන්ත ඇලෝසියස් ජාතික
පාසල, රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments