උදෑසන අසිරිය
- 2018-03-30 11:42:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරැන් කඳු මුදුනින් එබී බලනවා
කුරැලු පැටව් නිල් අහසේ පියඹා යනවා
සමනලයන් මලින් මලට ඉගිළී යනවා
උදෑසනේ අසිරිය තව තව වැඩිවෙනවා
කුකුළු හඬින් මුළු ගම මිනිසුන් පිබිදෙනවා
කොකුන් රූන සේ පොඩි අප පාසල් යනවා
ගොවි ගෙවිලියො උදලු අරන් කුඹුරට යනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
මල් පිපිලා වටපිටාව සුවඳ කරනවා
ගස්වල පිනි බිමට වැටී රටා මවනවා
සිසිල් සුළං රොදක් ඇවිත් ඇඟ දැවටෙනවා
හිමිදිරියේ මහවැලි ගඟ ගලා බසිනවා
චතුර ජනිත්
9 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments