අක්කණ්ඩියේ
- 2018-10-14 12:05:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැලේ පැහෙන ගෙඩි වැලහට බර නැතිලු
ඔහේ ගලන දුක පපුවට ලොකු නැතිලු
උරෙන් උර හැපෙන මේ වත මුදු නැතිලු
අම්මා නැති කලට දුක් ගිනි වැඩි වේලු
ළයේ සෙනෙහෙ කිරි දෙනෙතින් ගලන්නේ
නෙතේ සැපත නොතකා නිදි මරන්නේ
දුකත් සැපත් දිග හැර නොම බලන්නේ
ඉරක් නැති වෙලේ එළියට නුඹ ඉන්නේ
වැට සිටවන දඬු පොළොවට දිරාවි
ඇගේ නෙතින් බලනා ලොව බිඳේවි
මල්ලිත් මමත් මේ පැල තුළ සිටීවී
අක්කණ්ඩි මව නැති පැල රකීවී
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments