අත්තම්මාගේ කැවුම්
- 2018-04-27 22:09:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චටපට චටපට අවුරැදු එනවා
කොහාගෙ නාදෙන් සවන පිරෙනවා
ඔංචිලි චිලි කවි සිංදු ඇහෙනවා
අත්තම්මා අපෙ කැවුම් හදනවා
ඩුකුං ඩුකුං පිටි කොටනවා
සරස් බරස් පිටි හලනවා
ගිනි දැල් චර චර නටනවා
කැවුම තාච්චියේ නටනවා
කොණ්ඩ කැවුම් එක දෙක වැඩිවෙනවා
තාච්චියේ තෙල් හොඳට නටනවා
හැන්දයි කූරයි තරග කරනවා
අත්තම්මගෙ මුව සිනහ රුඳෙනවා
කැවිලි ගොඩක් මේසෙට පුරවන්නයි
අවුරැදු මේසේ සිනහ රඳන්නයි
දරැ මුනුපුරන්ට කෑම බෙදන්නයි
සිරි දෙවඟන නිවසට ගෙන එන්නයි
එච්.බී.එම්.එස්.එස්. තත්සරණි
11 වැනි ශ්‍රේණිය,
ර/ශ්‍රී වජිරවංස මහා විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments