2025 මැයි මස 09 ප.ව. 11:08 - {{hitsCtrl.values.hits}}
මිහින්තලා පවුව මතට වැඩි සමිඳේ
මිහිඳු මහරහත් තෙරණුන් ලෙස පැවසේ
තිස්ස රජුන් පැන්නූ මුව පොව්වා නිසා
මිහිඳු හිමිගෙ හඬ රුව්දුනි පොසොන් දිනේ
මිහිඳු තෙරණුවන් ඇසුවා ප්‍රශ්න
තිස්ස රජුන් නිසි ලෙස පිළිතුරැ දුන්න
මිහිඳු හිමිට රජු නුවණැති බව දැනිණ
කියලා දුන්නෙ බුදු දහමයි හිමි අසම සම
මිස්සක පවුව හිමිගේ රෑපෙන් දිලුණා
තිස්ස රජුට දුනු ඊතල අත හැරැණා
මුව පොව්වා එසැණින් වනයට ඇදුණා
බුදු දහමින් සිරිලක් බිම එළිය වුණා
ජයෝද්‍යා මෙත්මිණි හේරත්
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |