අපේ පන්සල
- 2019-01-28 13:38:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඝණ්ටා නදින් මුළු ගොන නිශ්චල කරනා
බෝපත් සිලි සිලිය මන සන්සුන් කරනා
පුන්සඳ කිරණ දසතම විසිරී යන්නා
පන්සල අපේ ගත සිත සුවපත් කරනා
සාධු නාදෙ සිත ශ්‍රද්ධාවෙන් නහවා
සිල් සුවඳයි මල් සුවඳයි සිත රඳවා
තාලෙට කියන ගාථා සෙත් කවි අසවා
පන්සල පින් කිරණ දස අත විහිදෙව්වා
වැව් දිය පහස සිසිලක ගත තැවුල් නිවී
සත සිත නහවලා කුසලින් කුසල් මැවී
දුටු විට උදුල දාගැබ සඳරුස් නැහැවී
ගම්වැසි දනගෙ සියලුම පව් යයි දියවී
පී.ආර්.රශ්මි අමන්දා සිළුමිණි
9 වැනි ශ්‍රේණිය,
කෑ/මාව/මයුරපාද මැදි මහ විදුහල
Reply To:
Name - Reply Comment
0 Comments