අම්මා බුදුවේවා
- 2017-10-06 18:19:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉපදුණ මොහොතේ සිට බෝ වේවා
මා දෙස බලමින් කඳුළැලි සැලුවා
සැමදා මා ගැන සොයනා අම්මා
මතු දිනයේ බුදු වේවා අම්මා
හොඳ ඔවදන් පමණයි ඔබ දුන්නේ
හොඳ කෑමයි මට බෙදලා දුන්නේ
මා යන හැටි බලමින් හිනැහෙන්නේ
ඔබ කුසගින්නේ මා නෑ දන්නේ
හැම භවයෙම මා ඔබෙ පුතු වේවා
හැම භවයෙම අම්මා මගෙ වේවා
පසුපස යන මා රාහුල වේවා
මතු දිනයේ අම්මා බුදු වේවා
දෙනෙත් හිම්සර
8 ශ්‍රේණිය,
හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය,
වීරකැටිය.
Reply To:
Name - Reply Comment
0 Comments