2025 මැයි මස 09 පෙ.ව. 08:09 - {{hitsCtrl.values.hits}}
සිනා හඬ ඇසෙයි
රබන් හඬ ඇසෙයි
රතිඤ්ඤා පුපුරයි
කැවුම් සුවඳ එයි
කජු දොඹ නාරං අඹ ද
රතු පැහැ ගැන්වූ ළා කොළ ද
සතුටින් පිබිදුණු මල් පෙති ද
සතුටින් හිනැහෙයි හිරැ සමග
පිටි කොටනා හඬ ගමට ඇසේ
කැවුම් සුවඳ දසතම විහිදේ
කෙසෙල් කැනක් දිලෙමින් හිනැහේ
ගැමියන් එක් වී ගී ගයතේ
ඔන්චිලි වාරම් කියතී
ඔළිඳ කවිය ගයතී
හිරැ කුමරැන් කවි කියමින්
ගමේ අගය වැඩි කරතී
පූර්ණා ඉඳුවරී දිසානායක
7 ශ්‍රේණිය,
කැකිරාව මධ්‍ය විද්‍යාලය,
පරවහගම, ආඬියාගල.
![]() |
diary Read more... |