අසනි වැස්ස
- 2018-12-21 10:22:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිසා කොනකින් හමන සීතලක් ඇරඹුණා
හෙණ පුපුරැ නාදයෙන් මුළු ගතම ගොළු කළා
ඇඳිරි කළුවර සමග මුළු හද ම බියවෙලා
මා තනිව සිටින විට තවත් බිය වැඩිවුණා
හිරි පොදක් ඇරඹුණා
සීතලත් වැඩිවුණා
උණුසුමට ගුළි වෙන්ට
ගේ මුල්ල සරි වුණා
කළුපාට රෙදි පොටක් හැම තැනම දැවටිලා
අසනි වර්ෂා වැටෙන යාමයත් ඇරඹුණා
හෙණ හඬින් දොර ජනෙල් දෙදරන්ට සැරසුණා
මිනිස් ජීවිතත් විටෙක මෙහෙමදැයි සිහි වුණා
කවීෂා දිල්ශානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments