අහස වගෙයි
- 2018-05-23 14:25:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහස වගේ මහ මුහුදත්
අහස ළඟට ගොස් හිමිහිට
ඈත කොනේ අපට හොරෙන් රහස් කියනවා
අහස වගෙයි මුහුද අපේ කියලා කියනවා
නිල් අහසට රටා කියන
පුංචි වලාකුළු යාළු...
මුහුද මැද්දෙ පිනුම් ගහන
පුංචි පුංචි රුලි යාළු...
අපි ඔක්කොම ලොකු යාළු
උජාරැවෙන් අහස ලොවට එහෙම කියනවා
මුහුද මැද්දේ කැඩපතක් ද
අහස මැද්දේ කැඩපතක් ද
මේ දෙන්නට නිල් පාටක්
කවුරැද දුන්නේ
දුන්නු කෙනා හමුවුණොතින් මටත් කියන්නේ
අපට පාට දුන්නු කෙනා අප නැහැ දන්නේ
අනේ යාළු අප කොහොම ද ඒක කියන්නේ
කඳුළු මැදින් අහස අපට එහෙම කියන්නේ
දැහැමි ධනංජනා
10 ශ්‍රේණිය,
බප/ගම්/ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ
Reply To:
Name - Reply Comment
0 Comments