අහිමි නිදහස
- 2018-06-22 18:21:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුවලා පැනලා කෙරැවේ හරි සතුටින් එදා මම සෙල්ලම්
පිහාටුවක් වගෙ නිදහසේ තිබුණ එදා මගෙ ජීවිතේ
නිදහසේ මම සිටි නිසා මට ගෙවුණු කාලය නොදැනුණේ
ලස්සන කවි ලිය ලියා සිටියෙ එදා හරි සතුටිනේ
අට වසරට පා තැබුව විතරයි නිදහසත් මට හිමි නැතේ
සීමා මායිම් දමා එළි වැටක් ඇත අද දිනේ
නිදහසත් මට නැති කළා සිවු වසරකින් ඇති විභාගේ
සිවු වසර කල්පයක් වගෙ තව දුරයි මට ජීවිතේ
බිත්ති හතරට කොටු වෙලා පොත් විතරමයි අද දකින්නේ
අහිමි නිදහස සිපිරි ගෙයකුයි නිතර මා හට හැඟෙන්නේ
අහිමි නිදහස හරිම නුහුරැයි ජීවිතේ මට අද දිනේ
කෙලෙස හුරැ වෙන්නට ද මගෙ පුංචි සිත මේ ජීවිතේ
කේ.වී.ඒ.යූ. සෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මිනු/ ඩී.එස්. සේනානායක මැදි මහ විදුහල,
මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments