Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආදර මවුපියෝ

  • 2019-01-15 16:43:22
  • 0 Comments

රස කිරි පොවා ආදරේ කරමින්     පෙව්වා
හලදුක් දරා මා ඇති දැඩි කර     නම්මා
කරැණා ගුණය ඇගෙ හිත තුළ නැත     නිම්මා
ගෙදර බුදුන් ලෙස නමදිමි මගෙ     අම්මා

හැමදුක් විඳියි මාගේ යහපත     සලකා
ඔවදන් දෙන්නෙ හොඳ දරැවෙකු වෙන්න     කියා
සිත තුළ ආදරය දරැවන් කෙරෙහි     දරා
මාගේ ලොවේ වටිනා සම්පතකි     පියා

සෙනෙහස ආදරය නිරතුරැ මට     දුන්නයි
මා රුකගන්න සැමදා නිති වෙහෙස     වුණයි
දුක සැප දෙකේ දීත් හැමවිට මා     ළඟමයි
දොහොත් මුදුන්දී වදිනෙමි මවයි     පියයි

එස්.ඩී.චාමි තරංගිකා
11 වැනි ශ්‍රේණිය,
බප/කළු ශ්‍රී ඤාණීස්සර මහ විදුහල,
නාකන්දලගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.