2025 මැයි මස 08 ප.ව. 12:54 - {{hitsCtrl.values.hits}}
ඉරැ දෙවියෝ ගිරි මුදුනින් සිනහ නගන්නේ
කුරැලු රූන් කිචි බිචි හඬ පතුරන්නේ
මල් පොහොට්ටු විකසිත වී සුවඳ හමන්නේ
උදෑසනේ අසිරිය මේ ලොවට කියන්නේ
ඉරැ දෙවි රුස් දහරා මුළු ලොව බබලන්නේ
ගස්වල ඇති පිනි කැට දිය බිමට වැටෙන්නේ
පක්ෂි රූන කෑම සොයා පියඹා යන්නේ
උදෑසනේ අසිරිය මේ ලොවට කියන්නේ
කොක් රූනක් වගේ ළමයි සුදට පෙනෙනවා
පාසල් යනපාර දිගේ මල් පූදිනවා
ගොවිරාළත් උදලු අරන් කුඹුරට යනවා
උදෑසනේ අසිරිය මේ ලොවට කියනවා
ඔෂානි ප්‍රසාදිකා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය.
![]() |
diary Read more... |