උදෑසනක අසිරිය
- 2019-01-08 17:35:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳ කුමරිය කඳුළු සලා සැඟවී යනවා
හිරැ කුමරා හෙමින් හෙමින් පායා එනවා
රූට පිපුණු මල් සේරම පරවී යනවා
වතුසුදු කටරොළු මල් පිපී නටනවා
පුංචි කුසුම් මල් සුවඳින් නැහැවී යනවා
මල් සුවඳට මී මැස්සන් පිස්සු වැටෙනවා
කුරැලු පැටව් කිචි බිචි ගා හඬ පතුරනවා
ගොවිරාලලා උදෑසනම කුඹුරට යනවා
සීත සුළං ඇඟ දැවටී සිසිල හදනවා
ඈත කඳුකරේ මීදුම පහවී යනවා
පුංචි ළමෝ පේළි සැදී පාසල් යනවා
හිමිදිරියේ සුන්දර බව කියා පානවා
හිරැනි විනෝද්‍යා
9 ශ්‍රේණිය,
හ/ථෙරපුත්ත ජාතික පාසල, අම්බලන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments